FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක – එකම කාරණයක් පූජාවට හේතුවයි… (ඡායාරූප)

ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය පමා කරමින් වැසි ඇද වැටේවායි පතමින් පැවැත්වුණු දේව කන්නලව්වක්‌ සහ භාරහාර ආශිර්වාද පූජාවක්‌, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් කතරගම දේවාලය සහ කිරි වෙහෙර පූජා භූමියේදී ඉකුත් දා සිදුකෙරිණි.

මේ සඳහා කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති මාගම්පත්තුව අධිකරණ සංඝ නායක හා පංච මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන් සහ කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්‌ස හිමියන් ද මේ අවස්‌ථාවට වැඩම කළ අතර උන්වහන්සේලාගේ උපදෙස්‌ පරිදි ආගමික වතාවත් සිදුකෙරිණි.

මෙහිදී කතරගම කිරිවෙහෙර මහසෙන් ප්‍රතිමාවට මල් දම් පැළඳ වූ අතර, කතරගම දේවාලයට විශේෂ පූජාවක්‌ ද පවත්වා වැසි යෑදීම සිදු කෙරිණි.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල ජල ධාරිතාව 28% ක්‌ දක්‌වා පහත වැටී ඇති අතර මෙමඟින් අක්‌කර 37,800 ක වගාවන් ආරම්භ කර ඇති නමුත් ඉදිරියේදී ප්‍රමාණවත් තරම් වැසි නොලැබුණහොත් මෙම වගාවන් ද 30% – 40% ත් අතර ප්‍රමාණයක්‌ විනාශ වීමේ තර්ජනයට මුහුණ පා තිබේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය දුරු වී රටට අවශ්‍යය පමණින් වැසි වසීවායි ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධිය අසල පිරිත් දේශනා කර  බෝධී පූජාවක් පැවැත්විණි.

රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළ අතර අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නාහිමියෝ හා ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද  නාහිමියෝ ද මීට එක්වූහ.

ඡායාරූප පහතින්..

Image may contain: 8 people, crowd, wedding, child, shoes and outdoor

Image may contain: indoor

Image may contain: 10 people, people standing

Image may contain: 7 people

Image may contain: 12 people, wedding, crowd and outdoor

Image may contain: one or more people

Image may contain: 1 person

Image may contain: 2 people, people sitting and indoor

Image may contain: 4 people, people sitting and indoor

Image may contain: 11 people, indoor

Image may contain: 3 people‍ෙ