FAST NEWS

24×7 Around the Globe

මුලතිව් මන්ත්‍රී කතුන් 56 ක් සමග නිල් වේ.

මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු දුප්පත් කතුන් 56 දෙනකු සමඟ ගත් අසභ්‍ය වීඩියෝ රුපියල් 200 ගණනේ විකුණා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු එම කතුන් සමඟ සහවාසයේ යෙදී එම පින්තූර ගෙන ඇතැයි ද, රජයේ සුළු සුළු ආධාර දී ඔවුන් ඊට පොළොඹවාගෙන ඇතැයි ද එවැනි වීඩියෝවක් වන්නියේ සැමියකු හා පුතකු දැකීමෙන් පසු තුන් දරු මවක සිය දිවි නසාගෙන ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

එම කාන්තාවගේ මරණයට ගිය වන්නි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ මල්ලාවි පොලිසියට මේ ගැන පැමිණිලි කර තිබේ.

මුලදී පොලිසිය පැමිණිල්ල ලියා නොගත් නමුත් පසුව ලියාගෙන ඇත.

කාන්තා ක්‍රියාකාරිකයෝ පිරිසක් පසුගිය දා යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ සිට දෙමළ ජාතික සන්ධානයේ යාපන කාර්යාලයයට විරෝධතා පාගමනක යෙදී තිබේ.