FAST NEWS

24×7 Around the Globe

සුපිරි ඇමැතිට විරුද්ධ වන මහ ඇමැතිවරු ගණන ඉසුර දේවප්‍රිය හෙළි කරයි…

 

සුපිරි ඇමැති ධුරයක්‌ ඇති කිරීම සඳහා වන යෝජනාව පළාත් සභාවල අනුමැතියට ඉදිරිපත් කළොත් ඊට විරුද්ධ වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ඇති පළාත් සභා හතක මහ ඇමැතිවරුන් තීරණය කර තිබේ.

උතුර සහ නැගෙනහිර පළාත් සභාවල මහ ඇමැතිවරුන් දෙදෙනා සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර ඉහත යෝජනාවට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගවලට ඔවුන්ගේ ද සහයෝගය ලබා ගන්නා බව බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

බස්‌නාහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ඊයේ (21 දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මේ බව පැවසූ ඒ මහතා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභාවලට ලබා දී ඇති ඇතැම් බලතල මේ සුපිරි ඇමැතිවරයා යටතට පත් වන බව සිහිපත් කළේය.

පළාත් සභාවල මෙම යෝජනාව පරාජය වුවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක්‌ අවශ්‍ය බවත් එය ලබා ගැනීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීන් හා ඇමැතිවරුන් විරුද්ධ වීම නිසා රජයේ උත්සාහය පරාජයට පත් වන බවත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.