FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත්ව පහත දමා ජාඩේජා අශ්වීන් සමග වාර්තා පොත් අලුතෙන් ලියයි…

නවතම ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම්හි පළමු හා දෙවන ස්ථාන දිනා ගැනීම පිළිවෙලින් රවිචන්ද්‍රන් අශ්වින් හා රවින්ද්‍ර ජඩේජා සමත්ව විය.

පසුගියදා 4-0 ලෙද නිමාවට පත්වු එංගලන්ත – ඉන්දියා ටෙස්ට් තරඟාවලියේදී ඔවුහු දැක්වු දක්ෂතා මත අශ්වීන් තවදුරටත් පළමු ස්ථානයේ රැදීමටත් ජාඩේජා රංගන හේරත් අභිබවා දෙවන ස්ථානය තෙක් පැමීණිමට සමත් වි ඇත.

ඒ අනුව ශ්‍රේණි ගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවූ රංගන හේරත් තෙවන ස්ථානය දක්වා පසු බැස තිබේ.

එසේම ඉන්දීය පන්දු යවන්නන් දෙදෙනෙක් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණි ගත කිරීම් ලයිස්තුවේ අංක එක සහ දෙක ස්ථාන වලට පත්ව ඇත්තේ අවුරුදු 42 කට පසුව වීම සුවිශේෂි කරුණකි.

ඉන්දීය දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් වූ බිසාන් සිං හා බගවත් චන්ද්‍රෙස්කර් ඉන්දියාව වෙනුවෙන් මීට පෙර 1974 දී එම දක්ෂතාවය දැක්වීමට සමත් වි තිබුණී.