FAST NEWS

24×7 Around the Globe

විම්බල්ඩන් ටෙනිස් ශුරීය නාඳුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක් වෙයි…

චෙක් රාජ්‍යයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා පෙට්‍රා ක්විටෝවා නාඳුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ඇයගේ නිවසේදී ලක්ව තිබෙන බවත් එය ඇයගේ ප්‍රකාශකයා විසින්ද තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගෙ නිවසට ඇතුළු වූ කොල්ලකරුවෙක් මෙසේ ඇයට පිහියකින් ඇන ඇති බවත් එයින් ඇයගේ වම් අත තුවාල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉන් ඇයගේ ජීවිතයට හානියක් වී නොමැති බව පැවසේ.

පෙට්‍රා ක්විටෝවා අවස්ථා දෙකකදී විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවළ කාන්තා ශූරතාව හිමිකරගෙන තිබේ.