FAST NEWS

24×7 Around the Globe

මාස 9ක් පුරා දුන් සහායට රසිකයන්ට කරීනා හා සයිෆ් තුතී පිදු හේතුව මෙන්න…

 

බොලිවුඩ් නළු නිළි යුවළක් වන කරීනා කපූර් හා සයිෆ් අලී ඛාන් ගේ කුළුඳුල් දරුවා අද(20) දිනයේදී මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලේ දී මෙලොව එළිය දැක ඇතැයි වාර්තා වේ.

කරීනා හා සයිෆ් ඔහුට ටයිමූර් අලී ඛාන් පටෝඩි ලෙස නම් තබා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සිය පුත් උපතේ සතුට සිය රසික රසිකාවියන් හා බෙදාගත් කරීනා හා සයිෆ්, ඔවුන් ට පසුගිය නව මාසයක කාලය පුරාවට ලබාදුන් සහය හා ආදරය සඳහා ස්තූතිය පළ කර ඇති බවද වාර්තා වේ.