FAST NEWS

24×7 Around the Globe

තේරිම් කමීටු සභාපති සනත්ගේ තීරණ සඳහා මැතිව්ස් හා ෆෝඩ් එරෙහි වෙයි..!

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහල කලමනාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

 සනත් ජයසුරිය මහතා විසින් තෝරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට නායක ඇන්ජෙලෝ මැතිස් සහ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා අකමැත්ත පල කිරීම මේ සදහා හේතුවී ඇති බව පැවසේ.

දකුණු අප්‍රිකානු සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදීද මේම ගැටලුව දැඩි ලෙස මතුවී ඇතැයි පැවසේ.

කෙසේ ෙවතත් සභාපතිවරයා මෑත කාලයේ නවකයින් රැසකට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරටු විවර කර දී ඇති බවද නොරහසකි.

කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා,දුෂ්මන්ත චමීර,අමිල අපෝන්සු ,අසේල ගුණරත්න ,දසුන් ශානක,කසුන් රාජිත,අවිශ්ක ප්‍රනාන්දු,ලක්ෂාන් සදකැන් වැනි ක්‍රීඩකයින් ඒ අතර ෙවයි.