FAST NEWS

24×7 Around the Globe

47දෙනාගේ මරණය පිටුපස ඇති පාකිස්ථාන ගුවන් ගමනට කලින් සිදුකළ බිලිදීම මෙන්න… (ඡායාරූප)

 

පාකිස්ථානයේ  ගුවන් සේවයට අයත් ATR-42 යානයක් පසුගියදා අනතුරට පත්වූයේ එහි ගමන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්කරමින්ය.

පුද්ගලයින් 47දෙනාම ජීවිතක්ෂයට පත් කළ මෙම ගුවන් ගමනට පෙර එහි අසුභ දුරුවීම සඳහා ගුවන් පථයේදී එළුවෙකු බිලිදී ඇති බව විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කරයි.

සාමාන්‍යයෙන් පකිස්ථානු ජාතිකයින් අසුබ දුරුවීම සඳහා කලු එළුවන් ගෙල සිඳ මරාදැමීම සිදු කරන අතර මෙම බිලිදීම ගුවන්සේවයේ වුවමනාව මත නොව එහි කාර්යමණ්ඩලයේ හා ගමන්ගත් වූවන්ගේ වුවමනාව මත සිදුවූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ඡායාරූප සැබෑ ඡායාරූප බව තහවුරු වී ඇති අතර, ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ ගුවන් සේවයේ කළමණාකාරීත්වය මේ සම්බන්ධව කිසිවක් දැනුවත් වී නොසිටිය බවයි.

ඡායාරූප පහතින්..

5857010745ac7

atr

Pakistani investigators examine the wreckage of a passenger plane crash in the village of Gugh, Pakistan Thursday, Dec. 8, 2016. A Pakistani aviation spokesman says authorities have opened a probe into the plane crash in the country's northwest the previous day. (AP Photo/B.K. Bangash)