FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා වෙනුවෙන් අලුත් මහඇමැති කෝටි 15ක් වියදම් කරන්න යන හැටී…

 

ඉන්දීය රුපියල් කෝටි 15 ක්‌ වැයකර ජයලලිතා වෙනුවෙන් ස්‌මාරකයක්‌ පිහිටුවීමට නව මහඇමැති පනීර් සෙල්වම් මහතා විසින් තීරණය කරන ලදි.

මේ හැර තමිල්නාඩු පාර්ලිමේන්තුව ඉදිරියේ ජයලලිතාගේ විශාල පිලිරුවක්‌ ඉදිකිරීමටද ඇමැති මණ්‌ඩලය අනුමැතිය දී තිබේ.

ජයලලිතාට ඉන්දීය රජයේ ඉහළම සම්මානය වූ භාරත් රත්න සම්මානය පිරිනමන ලෙසද තමිල්නාඩු රජය ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.