FAST NEWS

24×7 Around the Globe

‘දැන් ගල කැපුවේ කවුද දන්නේ නෑ රනිල් වෙන්න ඇති’ – මහින්ද සභාවක් හිනස්සවයි… (වීඩියෝ)

 

හම්බන්තොටදී ශ්‍රීලනිප ක්‍රියාකාරී හමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හම්බන්තොට වරාය ගැන අදහස් පල කරද්දී රැස්ව සිටි පිරිස නොනවත්වා සිනාසුනහ.

‘දැං ගල කැපුවෙ කවුද දන්නෙ නෑ.. රනිල් වෙන්න ඇති.. ඇයි හිනාවෙන්නෙ. මං එහෙම හිතල නෙමෙයි කිවුවෙ’ යැයි කී හිටපු ජනාධිපතිවරයාටද සිනාව නවතාගත නොහැකි විය.

මෙහිදී සභාව ඇමතු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා, රාජපක්ෂ පාලන සමයේ අයුතු ලෙස නීතිවිරෝධී වැඩ කළ අය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවා සිටි බවත් ඔවුන් ඉතාමත් බලසම්පන්න පුද්ගලයන් බැවින් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට තමන්ට නොහැකි බූ බවත් පැවසිය.

බලය තියෙනකොට තමන්ගේ අඩුපාඩු තමන්ට නොපෙණුනු බවත් රාජපක්ෂ පාලන සමයේදී නොසැලකීම් සිදු වූ බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වීඩියෝව පහතින්..