FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු ශාරුක් ඛාන් අනතුරකට ලක්වූ හැටී…

 

ඉන්දීය සුපිරි නළු ශාරුක් රූගත කිරීමක් අතරතුර ආබාධයකට ලක්වී තිබේ.

ඔහු මෙලෙස දණහිසේ ආබාධයට ලක්වී ඇත්තේ පසුගියදා මාලදිවයිනේදී The Ring චිත්‍රපටයේ සිදුකෙරුණු රූගත කිරීමක් අතරතුරදීය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ශාරුක් කලක සිට දණහිසේ ආබාධ තත්වයකින් පෙළුණු බවයි .

පසුගිය වසරේදී ඔහු දණහිසේ වේදනාව හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර මේ හේතුවෙන් නැවතත් ඔහුට ශල්‍යකර්මයක් කිරීමට සිදුවනු ඇති බව එම වාර්තාවල සඳහන් වේ.