FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ සිල්වා,දිමුත්,මෙන්ඩිස් හා ධනංජය විශිෂ්ට පිතිකරණයක..

දකුණු අප්‍රිකානු අරාධිත කණ්ඩායම සමග අද (18) ආරම්භ වු  තුන්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසන කඩුළු 06 ක් දැවී ලකුණු 328 ක් රැස් කර ගැනිමට සමත් විය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 159 ක සම්බන්ධතායක් ගොඩනැගු දිමුත් කරුණාරත්න (71) හා කෞෂාල් සිල්වා (80)  යන දෙදෙනාම සිය ඉනිම් අත්හිටුවා සෙසු ක්‍රීඩකයින් වෙත පන්දුවට පහරදීමට ඉඩ ලබා දෙමීන් පිටියෙන් ඉවත් විය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වු කුසල් මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා ගත්තේය.

මේ අතර අබාධයෙන් පසුව පිටියට පිවිසි නායක ඇන්ජලෝ මැතිව්ස් කිසිඳු ලකුණක් නොළඹා දැවී ගියේය.

නොදැවී කඩුල්ලේ රැදී සිටින ධනංජය ද සිල්වා දිනය අවසන ලකුණු 57 ක් රැස් කර ගනීමින් උපුල්  සමග නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

ලකුණු පුවරුව…