FAST NEWS

24×7 Around the Globe

ගර්ලින් පෝමර්ගේ බාධාවන් මැද හිට්ලර් නිවස රජයට…?

 

වසර ගණනාවක් පැවැති මතභේද අවසානයේදී නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස රජයට පවරා ගැනීම සඳහා ඔස්ට්‍රියා පාර්ලිමේන්තුව පනතක් සම්මත කර ගත්තේය.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී මෙම නිවසේ වත්මන්  හිමිකාරිය වූ ගර්ලින් පෝමර් මෙම නිවසේ කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තකට කිසිවකුටත් ඉඩ නොදුන්නාය.

එම නිවස පිහිටා ඇත්තේ බෲනෝ අම් ඉන් හී වන අතර හිට්ලර් උපන් නිවස ඔස්ට්‍රියා රජයට පවරා ගැනීමත් සමඟ ගර්ලින් පෝමර්ට වන්දි මුදලක් හිමිවීමට නියමිතය.

එසේ වුවද ඔස්ට්‍රියා ආණ්ඩුව මෙම නිවසට කුමක් කරනු ඇත් ද යන්න තවමත් නිශ්චිත නැතැයි ද බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම නිවස බිමට සමතලා කළ යුතු යැයි ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු වුල්ෆ්ගැන්ග් සිබොට්කා සේම ඔස්ට්‍රියා පාර්ලිමේන්තුවේ බොහෝ පිරිසක්ද මෙම නිවස පවසා ඇති අතර මෙම නිවස නාසි හිතවාදීන් ආකර්ෂණය කරගන්නා බවත් නිවස ඔවුන්ට උත්තේජනයක් බවත් එම පිරිස් චෝදනා කළහ.

මෙම නිවස සම්බන්ධයෙන් ඔස්ට්‍රියා බලධාරීන් හා ගර්ලින් පෝමර් අතර නිරන්තරයෙන් මත ගැටුම් ඇති වී තිබෙන අතර මෙම නිවස නිසා හිතවාදීන්ගේ සංචාරක ස්ථානයක් වීම වැළැක්වීම සඳහා වසර කිහිපයක් මුළුල්ලේ ඔස්ට්‍රියා රජය ගර්ලින් පෝමර්ට කුලී මුදලක් ද ගෙවීමට කටයුතු කළේය.

එසේම මෙම නිවස පුණ්‍ය ආයතනයක් විසින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙසත් විශේෂ අවශ්‍යතා ඇති පිරිස්වලට වැඩමුළු පවත්වාගෙන යන ස්ථානයක් ලෙස පැවැති නමුත් වසර කිහිපයකට පෙර ගර්ලින් පෝමර් එම පුණ්‍යායතනයට හිට්ලර් උපන් නිවසින් ඉවත් වන්නැයි පැවැසුවාය.

හිට්ලර් උපන් මෙම නිවසේ අනාගතය සම්බන්ධයෙන් ඉතිහාසඥයන්ගෙන්ද කරුණු විමසා ඇති අතර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමේදි මෙම නිවස ආරක්ෂා කරගත යුතු බව එම ඉතිහාසඥයන් හා සංස්කෘති සංවිධාන රැසක් පෙන්වා දී තිබේ.

මෙම නිවස තට්ටු තුනකින් සමන්විත වන අතර හිට්ලර් 1889 අප්‍රේල් 20 වැනිදා මෙම නිවසේ කුලියට දෙන කාමරයක උපත ලබා තිබේ.

 නාසි පාලන සමයේදී මෙම නිවස සිද්ධස්තානයක් ලෙස සැලකූ අතර 1944 දී නාසි පාලනය බිඳ වැටීමත් සමඟ එය වසා දැමිණි.