සුනඛයන්ට ආදරය කරන්නකු ලෙස හඳුන්වන රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් ජපානයට පැමිණි අවස්‌ථාවේ ඔහුට අකිතා නමැති බලු පැටියෙක් පරිත්‍යාග කිරීමට ජපන් රජය ඉදිරිපත් වී ඇත. 2011 වසරේ ජපානයේ ඇති වූ සුනාමි ව්‍යසනය නිසා රුසියාව උපකාර කිරීම නිමිත්තෙන් එම බලු පැටියා ප්‍රදානය කිරීමට ජපන් රජය තීරණය කර තිබේ.
ජපානය සහ රුසියාව අතර පවතින දූපත් අර්බුදය විසඳා ගැනීම සඳහා ජපන් රජය පුටින් සමඟ සාකච්ඡා අරඹා ඇත. මේ අතර ජපන් රජය ලබාදීමට ඉදිරිපත් වූ බලු පැටියා භාර ගැනීම ජනාධිපති පුටින් ප්‍රතික්‍ෂේප කර ඇත.









