FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමතිගේ් ලේකම් කළ වංචා සියල්ල මාට්ටු- විසි ලක්‍ෂයක දඩ සමගින් සිර ගෙදරට…

 

2004 මාර්තු මස 31 දා හිටපු විදේශ සේවා කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කල නවීන්ද කාරියවසම් නැමැත්තා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් 250-7681 දරන නිල් පැහැති ඩබල් කැබ් රථය ඔහු  නිවසට යමින් සිටියදි සුදු පැහැති වෑන් රථයක් මග හරස් කොට එයින් බැස ගත් ආයුධ සංන්නද්ධ සිව් දෙනෙකු විසින් මංකොල්ල කෑ බවට බොරු පැමිණිල්ලක් පොලිසියට කොට තිබුනි.

වසරකට පමණ පසු 252-4600 ලෙස අංක තහඩුව වෙනස් කොට නිල් පාට වෙනුවට රතු පැහැය යොදා එම රථය විකිණීමට යෑමේදී පොලිසිය විසින් එම වාහනය අත්අඩංගුවට ගෙන තිබූ බව එම නඩු ගොනුවේ තවදුරටත් සඳහන් වේ.

විත්තිකරු වන අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධිකරන ලේකම් ලෙස කටයුතු කල නවීන්ද කාරියවසම් නැමැත්තා හොර රහසේ විදේශ ගතවීමට උත්සහ කිරීමේදි අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව එම සම්බධිකරන ලේකම් විසින් ඔහු මානසික රෝගයකින් පෙලෙන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් තිබු අතර එම වෛද්‍ය වාර්තාව ද ව්‍යාජ එකක් බව හෙලි වී තිබේ.

එසේ තිබියදි චෝදනා ලැබූ අමාත්‍ය සම්බන්ධිකරන ලේකම් ලෙස කටයුතු කල නවීන්ද කාරියවසම් චෝදනාවන්ට වරද පිලිගන්නා බව විත්තිකාර වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අධිකරණය නියෝග කරනු ලැබුවේ වසර 10කට අත් හිටවූ වසරක සිර දඩුවමක් හා මුදලින් රුපියල් ලක්‍ෂ 20ක දඩයක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කලේය.