FAST NEWS

24×7 Around the Globe

මාගම්පුර සේවකයන් වෙනුවෙන් මහින්ද මෛත්‍රිගෙන් කළ ඉල්ලීම මෙන්න…

 

මාගම්පුර වරායේ සේවකයන්ගේ රැකියා අහිමි නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් තමන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා) පැවසුවේය.

මාගම්පුර වරායේ ශ්‍රීලනි පාක්‍ෂිකයන් මෙන්ම එජාප පාක්‍ෂිකයන් ද සේවය කරන බවත් පැවසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වර්ජකයන් සේවයෙන් ඉවත් කිරීමට හේතු සෙවීම අසාධාරණයක්‌ යැයිද කීවේය.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව පැවසූ රාජපක්‍ෂ මහතා මාගම්පුර වරායේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමාද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවැසීය.

ඉල්ලීම් කීපයක්‌ මුල් කර ගනිමින් හම්බන්තොට වරායේ සේවකයන් ආරම්භ කර තිබෙන වර්ජනය මෙන්ම ඊට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී මේ බව පවසා සිටියේය.