ඉරාකයේ ‘දයේෂ් තක්ෆීරී’ ත්රස්තවාදීන්ගේ ග්රහණයේ ලිංගික වහලුන් ලෙස අපා දුක් විඳ, පසුව එම ත්රස්තයන්ගෙන් බේරී යුරෝපයට පලා ගිය ‘ඉසාදි’ නමැති ගෝත්රික තරුණියන් දෙදෙනෙකුට යුරෝපා පාර්ලිමේන්තුවෙන් සම්මාන හිමිවිය.
නයිඩා මුරාඩ් නමැති 23 හැවිරිදි තරුණිය සහ අජි බෂාර් නමැති 18 හැවිරිදි එම තරුණියන් දෙදෙනාට පිරිනැමුනේ ‘සක්කරෝව්’ නමැති සම්මානයයි.
මෙම සම්මානය පිරිනැමෙන්නේ නිදහසේ අදහස් පළ කිරීම වෙනුවෙන් වන අතර
ප්රංශයේ සාට්ස්බර්ග් නුවරදී සම්මාන ප්රදානය සිදු කෙරුණු බව ද වාර්තා වේ.
එසේම මොවුන් දිවි පරදුවට තබා මුහුදු මාර්ග ඔස්සේ යුරෝපයට පලා ඇවිත් ඇති අතර මොවුන්ගේ පවුල්වල අය ත්රස්තවාදීහු වෙඩි තබා මරා දැමීමෙන් පසු ලිංගික වහලුන් ලෙස මෙම තරුණියන් දෙදෙනා ඇතුළු ගම්මානයේ සෙසු තරුණියෝ පත් කරගෙන ඇති බවත් වාර්තා වේ.
මෙම තරුණියන් වාසය කළ ඉරාකයේ කෝචෝ නමැති ගම්මානය, ‘දයේෂ් තක්ෆීරී’ ත්රස්තවාදීන් විසින් අත්පත් කරගෙන ඇත්තේ 2014 වසරේදීය.
ඡායාරූප පහතින්..

















