FAST NEWS

24×7 Around the Globe

සීනි මුවාවෙන් එන කොකේන් වලට තිත තැබීමට රේගුව කරන අලුත්ම වෑයම මෙන්න…

 

කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීම නැවැත්වීමේ අරමුණින් ආනයනය කරන සියලුම සීනි කන්ටේනර් සියයට සීයක්ම පරීක්ෂා කිරීමට රේගුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවැසීය.

මේ හේතුව නිසා ඉදිරියේදී මෙරටට ගෙන්වන සීනි තොග රේගුවෙන් මුදා හැරීමේදී ප්‍රමාදයක් සිදුවිය හැකි බවද කහඳව මහතා ප්‍රකාශ කලේය.