FAST NEWS

24×7 Around the Globe

ෆප් ඩු ප්ලෙසිස්ට ටෙස්ට් වරම දී එ.බී ඩිවිලියස් සමු ගනියි..

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියර්ස් ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් කටයුතු කරනු ඇති බවද පැවසේ.

ඔහු දකුණු අප්‍රිකා විස්සයි20 කණ්ඩායමේ නායකයාද වෙයි.

මේ වනවිට වැළමිටේ ආබාධයකට ගොදුරුව ඇති ඩිවිලියර්ස් ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට සූදානමින් සිටියද ආබාධය සුව නොවීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමිව තිබේ.

ටෙස්ට් තරග 106කදී ලකුණු 8,074ක් රැස්කර ගෙන ඇති ඩිවිලියර්ස් මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවෙයි.

දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් තරග දෙකකදී ඔහු දකුණු අප්‍රිකාවට නායකත්වය ලබාදී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඩිවිලියර්ස් නැවතත් ටෙස්ට් පිටියට පැමිණීමේ සූදානමින් පසුවන බවද ක්‍රීඩා වාර්තා පවසයි.

ඩිවිලියර්ස් අබාධයට පත්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කළ තරග සංචාරයේදී දකුණු අප්‍රිකා ටෙස්ට් නායකයා ලෙස ඩු ප්ලෙසි කටයුතු කළ අතර, ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමටත් සමත්විය.