ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග විශාල වන්දනාකරුවන් පිරිසක් මේ වනවිට ද ශ්‍රීපාද මළුවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
2016-2017 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනාවාරය අද (13)උදෑසන7.00 ට යෙදුනු සුභ නැකතට අනුව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ ආරම්භය සිදු වූයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සාධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද මළුවේ තැන්පත් කිරීමත් සමගය.
මේ අතර මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ දී පොලිතීන් රැගෙන ඒම වැළැක්වීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙල ද මේ වනවිට ක්‍රියාත්මකයි.
ඒ අනුව වන්දනාකරුවන් විසින් රැගෙන එනු ලබන පොලිතීන්, ශ්‍රීපාද උඩමළුව දක්වා ස්ථාන කිහිපයක දී පොලිසිය සහ මහජන පරීක්ෂකවරුන් සිය භාරයට ගැනීමට කටයුතු යොදා තිබේ.
ඒ වෙනුවට වන්දනාකරුවන් සඳහා දිරාපත් වන විශේෂ බෑගයක් නොමිලේ ලබාදෙන බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..















