FAST NEWS

24×7 Around the Globe

හදිසි අනතුරුවලට ලක්වන්නන් වෙනුවෙන් ජනපතිගේ අලුත් ජර්මන් වැඩපිළිවෙල ගැන රාජිත කියයි…

 

හදිසි අනතුරුවලට ලක්වන තැනැත්තන් ගුවන් මගින් රෝහල් කරා රැගෙන යාමේ වැඩපිළිවෙළක් පිළිබඳව අවධානය යොමුව තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ජර්මනියේ ක්‍රියාත්මක එවැනි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන් දැනුවත් කළ බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථීක කමිටුවට ද තමන් එම යෝජනාව ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.