නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්(Donald Trump) සඳහා පියාසර ධවල මන්දිරය හෙවත් එයාර් පෝස්මන් නැමැති යානාව සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙම විශ්මය ජනක යානාවේ 100 කට අධික පිරිසකට ගමන් කළ හැක.
එහි ඇති විශේෂත්වය වන්නේ රේඩාර් තරංග අක්‍රීය කිරීම සඳහා එල්ල වන සයිබර් ප්‍රහාර ව්‍යර්ථ කිරීම සඳහා වු උපකරණ අඩංගු වීමයි.
ලොව ඉතාමත් සුපිරි සහ අධිතාක්ෂණික යානාව ලෙස මෙය හැඳින්වෙන අතර යානාවේ සෑම අසුනකම රූපවාහිනී යන්ත්‍රයක් සවිකර තිබේ.
මෙයට අමතරව මිසයිල ප්‍රහාර හඳුනාගත හැකි සෙන්සර් ක්‍රමයකින්ද යානාවේ සමන්විත වන අතර එයාර්පෝස්මන් යානාවට අහසේදී ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක්ද ඇති බව වාර්තා වේ.
ඡායාරූප මෙන්න…
















