FAST NEWS

24×7 Around the Globe

මරණය දැක දැකත් ගුවන් අනතුරින් දිවි බේරාගත් Alan අඩියක් ඇවිදිමින් කළ ප්‍රකාශය මෙන්න… (වීඩියෝ)

කොලොම්බියවේදී (Colombia) සිදුවුණු ගුවන් අනතුරෙන් බ්‍රසීල පාපන්දු කණ්ඩායමක එක් ක්‍රීඩකයෙකුගේ පමණක් ජීවිතය බේරුණ බව පසුගියදා සදහන් කෙරුණි.

තමන්ගේ මිතුරන් ගුවන් අනතුරෙන් ලොව හැරයද්දී තනි වූ Alan Ruschel නම් ක්‍රීඩකයා ඊයේ(08) දිනයේ නව බලාපොරොත්තුවක් තැබුවේය.

ඔහු රෝහලේ පියවි සිහියට පත් වෙමින් අඩි දෙක තුනක් ඇවිද ඇති අතර අනතුරෙන් පසුව ප්‍රථම වරට ප්‍රකාශයක් සිදු කර ඇති බවද වාර්තා වේ.

”මම ඔයාලට කියන්න කැමති මම ඉක්මණට සුව වෙනවා. සුව වෙලා ඉක්මණටම බ්‍රසීලයට එනවා. මම වෙනුවෙන් උදව් කළ මාත් එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තුති.”

වීඩියෝව පහතින්..