FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට එරෙහි ශතකයෙන් වොනර් සචින් තෙන්දුල්කාර්ව අභිබවා යයි..

තරග තුනකින් සමන්විත වු චැපල් හැඩ්ලි එක්දින තරගාවලියේ තෙවන තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 264 ක් රැස් කර ගැනීමට සමත් විය.

මෙහිද ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කැපී පෙනන ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩෙවිඩ් වොනර් පන්දු 128 කදී ලකුණු 156 ක් රැස් කර ගැනීමට සමත් විය.

එසේම වොනර්ගේ මෙම ශතකයක් සමග එක් වසරක් තුළ ශතක වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට වොනර් සමත් වු අතර ඔහු ඊට වැය කර ඇත්තේ තරග 22 ක් පමණක් වීම කැපී පෙනේ.

1988 වර්ෂයේදී තරග 40 ක් ක්‍රීඩා කරශතක 09 ක් ලබා ගැනීමට සමත් වු සචින් තෙන්දුල්කාර් එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේහි පසුවන අතර සරොව් ගන්ගුලි තරග 35 කදි ශතක 07 ක් ලබා ගනිමීන් තෙවන ස්ථානයේහි පසුවේ.

කෙසේ වෙතත් වොනර් සචින් තෙන්දුල්කාර්ට වඩා අඩු තරග සංඛයාවකින් ශතක රැස් කරගැනිම වොනර් ඔහුව අභිබවා යෑමක් ලෙස ජාත්‍යන්තර ක්‍රීකට් විචාරකයින් අදහස් දක්වයි.

එසේම ඔස්ට්‍රේලයා කණ්ඩායමට 2016 වර්ෂය සඳහා පාකිස්ථාන කණ්ඩායම සමග එක්දින තරග දෙකක් ඉතුරුව පවතින අතර වොනර් එම තරගවලට ක්‍රීඩා කර ශතක දෙකක් රැස් කළහොත් සචින්ගේ වාර්තාව සම කිරීමට සමත් වනු ඇත.

222222222222

4444