දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ පැවැති තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළ අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්‌වැල්ල නම් කිරීමට නොහැකිවීම පිළිබඳව තමාද කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා ඊයේ (08) ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
“කණ්‌ඩායමට පිතිකරුවන් නම් කරන්න පුළුවන් අට දෙනයි. ඒ නිසා අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්‌වැල්ලව නම් කරන්න බැරිවුණා. කොහොමත් කණ්‌ඩායමක ඔහොම තරගයක් එන එක හොඳයි. අපි බලාපොරොත්තු වුණෙත් මෙවැනි තරගයක්. නමුත් මටත් කණගාටුයි අසේලව සහ දික්‌වැල්ල නම් කරන්න බැරිවීම ගැන.” යෑයි ජයසුරිය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද පවසන්නේ මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම නම් කිරීමේදී ක්‍රිකට් තේරීම් කමිටුවද අමාරුවේ වැටුන බවයි. “ක්‍රිකට් තේරීම් කමිටුවත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා කණ්‌ඩායම තේරීමේදී. මොකද පිතිකරුවන් නම් කරන්න පුළුවන් අට දෙනයි. අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්‌වැල්ල හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් මේ කණ්‌ඩායමට ඔවුන්ට ඇතුළත්වීමට වාසනාව තිබ්බෙ නැහැ.” යෑයි පැවසීය.
නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීම පිළිබඳවද ක්‍රිකට් සභාපතිවරයා අදහස් දැක්‌වීය. “විකුම් සංජය තමයි පසුගිය කාලයේ ඉතාමත් හොඳින්ම වේග පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කළේ. වෙළෙඳසේවා තරගාවලියේදී මෙන්ම පළමු පෙළ තරගාවලියේදීත් ඔහු හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින විසි දෙනකුගෙන් සමන්විත වේග පන්දු යවන්නන්ගෙ සංචිතයෙන් ඔහු ඉන්නවා. මේක හොඳ අවස්‌ථාවක් විකුම්ට. මොකද අපේ පසුගිය කාලයේ වේග පන්දු යවන්නන්ගෙ අඩුවක් තිබ්බා. ඒ නිසා අපිට තව වේග පන්දු යවන්නෙක් සොයා ගන්න අවශ්‍ය වුනා.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.