FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිහිවිකල්වී මානසික පීඩනයෙන් – මන්ත‍්‍රී තිස්ස සංවේදී වූ හැටී…

 

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අසනීප තත්වයෙන් පසුවන බවත් ඔහු බන්ධනාගාර රෝහලට මාරු කර ඇති බවත් හිටපු එජාප මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

තමන් බන්ධනාගාරයේ සිටියදී දුමින්ද සිල්වා හමුවුනු බවත් ඔහු තදබල මානසික පීඩනයක සිටින බවත් සිහිකල්පනාව මද ගතියකින් යුතුව පසු වූ බවත් ඒ මහතා සදහන් කලේය.

දුමින්ද සිල්වාට ප‍්‍රතිකාර කල වෛද්‍යවරයාට මාස හයකට වතාවක් ඔහු පෙන්විය යුතු වුවත් බන්ධනාගාරයේ එය සිදු නොවන බවද පවසන අත්තනායක මහතා තමන් වෛද්‍යවරයෙකු නොවන නිසා ඊට වැඩි විග‍්‍රහයක් කිරීමට නොහැකි බවද පැවැසීය.