FAST NEWS

24×7 Around the Globe

අභවකාශයේ සංචාරය කළ වයස්ගතම ඇමරිකානු ගගනගාමියා ලොවින් සමු ගනීයි… (ඡායාරූප)

 

පෘථිවිය වටා සැරිසැරූ ප්‍රථම ඇමරිකානු ගගනගාමියා වන ජෝන් ග්ලෙන් වයස අවුරුදු 95 ක්ව සිටියදී ඊයේ(08) මිය ගිය බව වාර්තා විය.

ජෝන් ග්ලෙන් 1962 වසරේදී පෘථිවිය වටා ගමන් කළේ ෆ්‍රෙන්ඩිෂිප් – 7 අභ්‍යවකාශ යානයෙන්ය.

එසේම ඔහු එම දස්කම දැක්වූයේ ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය සමඟ අභ්‍යවකාශ ගවේෂණ තරඟයකට එළඹ සිටි අවස්ථාවකයි.

1998 වසරේ අවුරුදු 77 ක්ව සිටියදී ඔහු නැවතත් වාර්තා පොතට එක්වූයේ අභවකාශයේ සංචාරය කළ වයස්ගතම පුද්ගලයා බවට පත්වෙමිනි.

ඇමරිකානු සෙනෙට් සභිකයෙකු ද වූ ජෝන් ග්ලෙන් – වර්ජනියා ප්‍රාන්තයේ ආලින්ටන් ජාතික සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතයි.

ඡායාරූප පහතින්..

Image result for American astronaut John Glenn

Image result for American astronaut John Glenn