FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තරය පරදා ලංකාව sex වලින් number one හිමි කරගත් හැටී…

 

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් Sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් Sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරය වන අතර පාසල් නිවාඩු කාලය පැමිණෙන අගෝස්තු හා දෙසැම්බර් මාස තුළදී Sex වචනය වැඩි ලෙස භාවිත කර ඇති බවටද අනාවරණය වී තිබේ.

තුන්වැනි ලෝකයේ රටවල් වන ඉතියෝපියාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි රටවල් පිළිවෙළින් අන්තර්ජාලයේ Sex නැමැති වචනය ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අමතරව ගූගල් සෙවුම් යන්ත්‍රයේ භාවිත කර ඇති රටවල් වෙයි.