FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වෙනුවෙන් වැය කෙරෙන ඩොලර් මීලියන 04 ක් කප්පාදු කරයි..

ඩොලර් මිලියන 4 ක්‌ වැයකර ජනාධිපතිවරයා සඳහා ගුවන් යානාවක්‌ ඉදිකිරීම නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කර ඇත.

එයාර් ෆෝස්‌ වන් නමින් හඳුන්වන මෙම බොයින් යානාව ඇමෙරිකානු බොයින් සමාගම විසින් ඉදිකිරීමට නියමිතව තිබුණි.

වර්ග අඩි 4000 ක, ජනාධිපති කාර්යාලයක්‌, ආහාර ගන්නා කාමරයක්‌, ශල්‍යාගාරයක්‌ සහ මිසයිල ආරක්‌ෂක පද්ධතියකින් මෙම යානාව සමන්විත වේ.

“ජනාධිපතිවරයා සඳහා ගුවන්යානාවක්‌ ඉදිකිරීමට අති විශාල මුදලක්‌ වැයවෙනවා වහාම මා සඳහා ඉදිකිරීමට නියමිත යානාව අවලංගු කරන්න” යෑයි ට්‍රම්ප් නියෝග කර ඇත.