FAST NEWS

24×7 Around the Globe

ජයලලිතාගේ වියෝව හේතුවෙන් ඉන්දියානු සහ එංගලන්ත ක්‍රිකට් තරඟය වෙනස් වෙයි… ?

 

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ අභාවය හේතුවෙන් ඉන්දියාව සහ එංගලන්තය අතර චෙන්නායි නුවර පැවැත්වීමට නියමිත 5 වන සහ අවසාන ටෙස්ට් තරගය වෙනත් ක්‍රීඩාංගනයකට රැගෙන යන්නේ ද යන්න පිළිබදව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

එසේම මෙම තරගය දෙසැම්බර් 16 වනදා ආරම්භ වීමට නියමිතය.

කෙසේ නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් අජේ ශ්‍රයික් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ක්‍රිකට් සම්මේලනය සමග අදහස් හුවමාරුවක නිරත වන බවයි.

එමෙන්ම, චෙන්නායි ටෙස්ට් තරගය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බව ද මුම්බායි නුවර පැවති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල රැස්වීමකින් අනතුරුව ඔහු පවසන ලදි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරයා අවධාරණය කළේ , තමිල්නාඩු ජනතාවගේ ප්‍රතිචාරය මත ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට කටයුතු කරන බවයි.