FAST NEWS

24×7 Around the Globe

මෙලොවින් සමුගත් ජයලලිතගේ වත්කම් සම්බන්ධයෙන් පැන නැගී ඇති අලුත්ම ගැටලුව මෙන්න…

 

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මියයාමත් සමග ඇයගේ වත්කම් බෙදී යන ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්වයක් මතුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජයලලිතා ජයරාම්ගේ වර්තමාන වත්කම් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 114කට ආසන්න බව වාර්තා වන අතර එම වත්කම ඇය ඊට පෙර වසරවල ප්‍රකාශ කල වත්කමට වඩා යම් වැඩිවීමක් ලෙසද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදි.

ජයලලිතා සතුව තිබු එම වත්කම් වලින් කෝටි 41.63 ක් චංචල වත්කම් වන අතර නිශ්චල දේපළවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 72.09 ක් ලෙස සදහන් වේ.

එසේම ප්‍රධාන අමාත්‍යවරිය සතුව රත්‍රන්වල වටිනාකම නිශ්චිතව තක්සේරු කර නොමැති අතර ඊට හේතුව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පැවතීම බව සදහන් වේ.

ඇය සතුව රිදී කිලෝ 1250 ක්ද තිබී ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් 31,250,000 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම ජයලලිතා ජයරාම් සතුව වාහන 9 ක් ද තිබු බව අනාවරණ වී ඇති අතර මීට අමතරව විවිධ ආයෝජන රැසක්, වෙළඳ ගොඩනැගිලි ඇතුලු ආදායම් මාර්ග කිහිපයක් ද ජයලලිතා සතුව පැවැති බවට වාර්තා වේ.