FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවෙන් 378 ක ඉලක්කයක් – වොනර් පොන්ටින්,හෙඩ්න් අභිබවා වාර්තාවක් තබයි..

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන චැපල් හැඩ්ලි කුසලාන එක්දින තරගාවලියේ දෙවන තරගයේ නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 378 ක් ලබා ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැළුණු ආරම්භ පිතකරු ඩෙවිඩ් වොනර් පන්දු 115 ක් තුළ ලකුණු 119 ක් ලබා ගැනීමට සමත් විය.

වොනර් අද (06) ලබා ගත් ශතකයත් සමග ඔහු මෙම වසර තුළ ලබාගත් ශතක සංඛයාව 06 දක්වා ඉහළ ගිය අතර එ අනුව එක්දින පිකරුවෙකු වසරක් තුළ ලබගත් වැඩිම ශතකලාභීන් අතර 03 වන ස්ථානයට පත් විය.

එසේම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වසරක් තුළ එක්දින ශතක වැඩිම ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා වීමටද වොනර් මෙ සමගම සමත් විය.

මීට පෙර රීකී පොන්ටින් අවස්ථා දෙකකදී ශකක 05 බැගින්ද (2003/2007), මැතිව් හෙඩ්න් 2007 දී ශතක 05 ක් රැස් කර ගැනීමට සමත්ව තිබුණී.

asassa Capture