FAST NEWS

24×7 Around the Globe

සිනමාවට පමණක් හැඬූ සුපිරි නළු විජෙයි, ජයලලිතාගේ දේහය අසල කඳුළු සැලූ හැටි… (වීඩියෝ)

 

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා චෙන්නායි හි රාජාජි ශාලාවේ තැන්පත් කර තිබේ.

ඉන්දීය වාර්තා ප්‍රකාශ කරන්නේ මේ වනවිටත් ලක්ෂය ඉක්මවූ පිරිසක් ජයලලිතා ජයරාම්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඒ පිරිස අතර සිටි දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි එම ස්ථානයෙන් ඉක්මනින් ඉවත්ව යාම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

විජෙයි පසුව ප්‍රකාශ කර ඇත්තේ මහඇමතිනියගේ වියෝව තමන්ට දරාගත නොහැකි වේදනාවක් බැවින් ඒ මොහොතේ මහත් සංවේගයට පත්වූ බවයි.

අවසන් ගෞරව දැක්වීමට පැමිණි විජෙයි කඳුළු සලමින් එම ස්ථානයෙන් ඉවත්වූ අයුරු පහත වීඩියෝවෙන්..