තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඊයේ(05) රාත්‍රී 11.30 අභාවප්‍රාප්ත වුණ අතර ඒ බව බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.
මියයන විට 68වන වියේ පසුවුණ ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙන් වන අතර පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරුණි.
ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට දහස් ගණන් ජනතාව පැමිණෙමින් තිබේ.
මේ අතර තමින්නාඩු රජය විසින් අද (06දා) තමිල්නාඩුවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06දා) සවස සිදු කිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඡායාරූප පහතින්..
















