FAST NEWS

24×7 Around the Globe

මහින්ද ගුණ වයමින් ඇමති සෙනෙවිරත්න මල් පොහොට්ටුවේ පැනයක් නැගූ හැටී…

තාවකාලිකව වෙන්ව සිටියත් ප්‍රතිවාදීයාට විරුද්ධව නැගීසිටීමට ඉදිරියේදී අවස්ථාවක් ලැබෙන නිසා අනවශ්‍ය කලබලයකින් තොරව බලාසිටින්නැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර ආසන බලමණ්ඩල ප‍්‍රතිසංවිධානය කිරීමේ ජනහමුවේදීය.

“මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රටේ යුද්ධය අවසන් කරලා ,අධිවේගී මාර්ග,වරාය,ගුවන්තොටුපල හදලා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සුවිශාල සේවයක් කරපු අපේ පක්ෂයේ හිටපු නායකයා. ඒක නිසා අපිට ගුණමකු වෙන්න බෑ. මේ ලගදීත් එතුමට මම කතා කරලා මල් පොහොට්ටුවට ඔබතුමා යනවද කියල ඇහැව්වහම එතුමා තවමත් කියන්නේ මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක් කියලා එහෙනම් මේ අළුත් පක්ෂ කාටද අවශ්‍ය?”සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.