FAST NEWS

24×7 Around the Globe

වොට්ලින්ගෙන් ආ අමාරු උඩපන්දුව විශ්මිත අයුරින් ස්මිත් රැකගත් හැටී මෙන්න… (වීඩියෝ)

 

ඔස්ට්‍රේලියා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර සිඩ්නි පිටියේ පැවැති තරගයේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (04) සමත්විය.

ඒ පන්දුවට පහරදීමෙන් ලකුණු 164ක් රැස්කරමින් හා පන්දු රැකීමෙන් සුවිශේෂී දක්ෂතා දක්වමිනි.

ස්මිත් මෙම තරගයේදී ලකුණු 164ක් රැස්කිරීමට සමත්වූ අතර එය ඔහුගේ එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියානු නායකයෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වේ.

මේ අතර පන්දු රැකීමේදී බී.ජේ. වොට්ලින් ලබාදුන් අපහසු උඩපන්දුවක් රැකගනිමින් තත්පරයෙන් දශම හයකට ආසන්න කාලයකදී ඔහු මෙම උඩපන්දුව රැකගත්තේය.

වීඩියෝව පහතින්..