FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ වෙබ් අඩවියට තරුණයකු රිංගයි..

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ වෙබ් අඩවියට එරට තරුණයකු ඇතුළු වී ඇතැයි (හැක් කර) විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තරුණයා ඊට ඇතුළුවී එහි ආරක්ෂාව පිළිබඳ සටහනක් දමා ඇති අතර ඔහු 22 හැවිරිදි අයකු බව කියති.

ජංගම මෘදුකාංග නිර්මාණය කරන්නකු වන ජාවෙඩ් කත්රි නම් එම තරුණයා මෝදිගේ නිල වෙබ් අඩවියේ පවතින අවදානම් සහගත බවත් එහි ආරක්ෂාව මදිකම සම්බන්ධයෙනුත් දැනුවත් කිරීම සඳහා තමා එය පෙන්වාදීම සඳහා ඊට ඇතුළුවූ බවත් කියා ඇත.

මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියටද පසුගිය දිනෙක තරුණයකු ඇතුළුවූ අතර ඔහු පරිවාස භාරයට පත්කිරීමටද පියවර ගෙන තිබිණි.