FAST NEWS

24×7 Around the Globe

ඩීසල් වාහන තහනම් කිරීමට සැරසෙන ලොව ප්‍රධාන නගර 4 මෙන්න…

 

මීළග දශකයේ දෙවැනි භාගය වනවිට, එනම් වසර 2025 දී ඩීසල් මෝටර් රථ සහ ට්‍රක් රථ භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට ප්‍රධාන නගර 4 ක නගරාධිපතිවරුන් එක‍ඟ වී තිබේ.

ප්‍රංශයේ – පැරිස්, මෙක්සිකෝවේ – මෙක්සිකෝ සිටි, ස්පාඤ්ඤයේ – මැඩ්රීඩ් සහ ග්‍රීසියේ – ඇතෑන්ස් නගරවල නගරාධිපතිවරුන් එම එකඟතාවයට පැමිණ ඇත්තේ වායු දූෂණය අවම කරලීමේ පියවරක් වශයෙන්ය.

එමෙන්ම විකල්ප වාහන භාවිතයට සහ පාගමන් සහ පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමට ද එම නගරාධිපතිවරුන් සූදානම් බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන පරිදි බාහිර පරිසරයේ වායු දූෂණය හේතුවෙන් වසරකදී මියයන ලෝක වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 3 කට ආසන්නයි.