FAST NEWS

24×7 Around the Globe

මරණයට පත් පාපන්දු ක්‍රීඩකයකුගේ මවක් ගුවන් ගමනේ ඇති වූ සැකය ගැන කළ ප්‍රකාශය මෙන්න…

 

විපතට පත් කොලම්බියා යානාවේ සිටි පාපන්දු ක්‍රීඩකයකු වූ ටියාගෝගේ මව බාබරා රෝබා තම පුත්‍රයා එම යානාවේ ගමන් කිරීමට පෙර එම ගමන ගැන නරක හැගීමක්‌ ඇති වූ බව පවසන ලදි.

”මෙම යානාව ගැන මට දැඩි සැකයක්‌ මතු වුණා. ටියාගෝ එම යානාවේ යෑම ගැන මම කැමැත්තක්‌ දැක්‌වූයේ නැහැ” යැයි ඇය පවසා ඇති බව වාර්තා වේ.

”මගේ පුත්‍රයා එම යානාවේ ගමන් කළ දිනයේ මුළු රාත්‍රියම නිදිවර්ජිත සිටියා, අළුයම 6ට පමණ අපේ අසල්වාසීන් ටියාගෝ ගමන් කළ යානාව කොලම්බියාවේ දී කඩා වැටුන බව කියා සිටියා” යැයි ඇය හඬමින් පවසා ඇති බව වාර්තා වේ.