FAST NEWS

24×7 Around the Globe

පියාගේ අභාවය සිදු වී දින 50න් වජිරලොන්කෝන් කුමරු තායිලන්තයම පුබුදුවයි…

 

මහා වජිරලොන්කෝන් කුමරු තායිලන්තයේ නව රජු ලෙස ඊයේ(01) කිරුළු පැළදීම සිදු කලේ සිය පියා වූ භූමිබෝල් අදුල්යාදෙජ් අභාවප්‍රාප්ත වී දින 50 ක් ගත වීමෙන් අනතුරුවය.

තායි පාර්ලිමේන්තුව ඒ සදහා ඔහුට ආරාධනා කිරීමෙන් පසුව වජිරලොන්කොන් කුමරු ඊයේ (01) කිරුළු පැළදු බව වාර්තා වේ.

දේශපාලන අර්බුදයක් පවතින තායිලන්තයේ ස්ථාවර සලකුණ ලෙස හැදින්වුණ ලොව දීර්ඝතම කාලයක් කිරුළු පැළඳු භූමිබෝල් රජු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා අභාවප්‍රාප්ත විය.

සිය පියාගේ අභාවයෙන් පසුදින කිරුළු පැළදීමට අවස්ථාව තිබුණ ද මහා වජිරලොන්කෝන් කුමරු තම පියා වෙනුවෙන් ශෝකය පළ කිරීමට කාලයක් ඉල්ලා සිටි බව තායි අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් –  ඕචා ප්‍රකාශ කරන ලදි.