FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී බුද්ධිකගේ ශත 50ට රවී පිළිතුරු දුන් හැටී…

 

දක්ෂිණ අධිවේගී මාර්ගයට තම ඉඩම පවරාගැනීම වෙනුවෙන් වන්දි ලෙස තමාට ලැබුණේ ශත 50 ක මුදලක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශය නිවැරදි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේ වුවද තක්සේරු දෙපාර්තමේන්තුව මෙහිදී කිසිදු වරදක් සිදුකර නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් සිදුකරමිනි.

අදාළ ඉඩමේ විශාලත්වය දිගින් අඩි 10ක්ද, පළලින් අඩි 09ක්ද වන බවත්, එම ඉඩම් කැබැල්ලට බුද්ධික පතිරණ මහතා ඇතුළු 22 දෙනෙකු හිමිකම් කියන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ අනුව පතිරණ මහතාට අයත්ව තිබූ පර්චස් 0.0013 ක ඉඩම් කොටසට හිමිව තිබූ වන්දි මුදල ශත 50 ක් බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙකී මුදල පතිරණ මන්ත්‍රීවරයාට ලබාදුන්නේ වෙළෙඳපොළ වටිනාකමට අනුව බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.