FAST NEWS

24×7 Around the Globe

කිසිදු දේශපාලකයෙක් නොකළ වැඩක් කිරීමට ට්‍රම්ප් ගත් සුපිරි තීරණය මෙන්න…

 

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වන නමුත් ජනාධිපති ධුරයේ සිදු කෙරෙන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීම සඳහා තමන් සියලු ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් වීමට ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩ කිහිපයක් නිකුත් කරමිනි.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ තම ව්‍යාපාරික දිවියේ හා රාජ්‍ය පාලනයේ ගැටුමක් ඇතිවීම වළක්වනු පිණිස මෙම තීරණය ගත් බවයි.

එළැඹෙන මාසයේදී සිය දරුවන් සමග එක්ව පවත්වන මාධ්‍ය හමුවකදී තමාගේ ඉදිරි සැලසුම් පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීම් සිදුකරන බවද ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වේ.