හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගතව සිටිද්දී Facebook ගිණුම ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ඉංග්‍රීසි පුවත්පතක අද පලවී ඇති පුවතක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ සොහොයුරිය ඒ පිළිබඳව පවසා සිටියේ එය විහිළුවක් මෙන්ම තාක්ෂණය පිළිබඳව නොදැනුවත්කම නිසා පලකළ පුවතක් පමණක් බවයි.
දුමින්ද සිල්වාගේ නිල Facebook පිටුවට ඡායාරූප පලකරන්නේ Facebook ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස තමන් බව පවසන දිලිනි සිල්වා මහත්මිය කියා සිටියේ මෙය නිසි සොයා බැලීමකින් තොරව ජනතාව නොමඟ යැවීමට හා රැවටීම උදෙසා පලකළ පුවතක් බවයි.
එසේම දුමින්ද සිල්වා මහතාගේ Facebook පිටුවේ යවත්කාලීන වන්නේ ඡායාරූප හා වීඩියෝ පමණක් බවත් එහි “Administered by Dilini Silva” ලෙස ඉතා පැහැදිලිව සටහන් කර තිබෙන බවද ඔහුගේ සොහොයුරිය මෙහිදී සඳහන් කළාය.
ඕනෑම ෆේස්බුක් පිටුවක ඇඩ්මිනිස්ට්‍රේටර් අයිතිය ඇති ඕනෑම කෙනෙකුට එහි ඕනෑම දෙයක් පලකළ හැකි බව ෆේස්බුක් භාවිත කරන ඕනෑම අයෙක් දන්නා කරුණක් බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
දුමින්ද සිල්වා මහතාගේ Facebook ගිණුමේ “Administered by Dilini Silva” ලෙස පැහැදිළිව සඳහන් වන අයුරු පහතින්..










