FAST NEWS

24×7 Around the Globe

පරිභෝජනයට වැඩියෙන් යොදා ගැනෙන වියළි මිරිස් වල ඇත්ත තත්වය හෙළි වෙයි…

 

විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ නිතිපතා ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, මේවා වගාකිරීමේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව පර්යේෂණවලට යොමු කිරීමේදී  අනාවරණය වී ඇති බව උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බී. පී. එස්. වි. පතිරණ මහතා පැවසීය.

මෙම උග්‍ර විෂ සහිත කෘමිනාශකය ලංකාවේ භාවිතා කිරීම පවා තහනම් කරන ලද්දකි.

ලංකාව තුළ පරිභෝජනයට වැඩි වශයෙන් යොදා ගන්නේ මොනක්‍රොටපොස්‌ මිශ්‍ර ඉන්දියානු මිරිස්‌ය.

මේ සදහා වන හොඳම විසඳුම වන්නේ තමන්ගේ ගෙදර භාවිතයට අවශ්‍යය මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීම බව නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

හෙතෙම මේ බව අනාවරණය කරනු ලැබුවේ අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදීය.