FAST NEWS

24×7 Around the Globe

කුරාණය පාවා දෙමින් IS පුහුණුවට තරුණයන් යොමුකළ මජිඩ් අත්අඩංගුවට පත් වූ හැටී…

 

යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන ඇති අතර එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇති බව ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත සදහන් කර ඇති බවද වාර්තා වේ.

මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ  සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී තිබේ.

එසේම කුරානය අධ්‍යයනය කිරීම සඳහා යැයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.