FAST NEWS

24×7 Around the Globe

ශරීර සම්බාහනයට ආ ජපන් ජාතික සුරූපිනිය මීගමුව සුපිරි හෝටලයකදී අත්විදි ඛේදවාචකය මෙන්න…

 

නිවාඩුවක්‌ ගත කිරීමට මීගමුවේ සුපිරි සංචාරක හෝටලයක්‌ වෙත පැමිණි 34 හැවිරිදි ජපන් ජාතික සුරූපිනියක්‌ තම ශරීරය සම්බාහනය කරගැනීමට එම හෝටලයේ මසාඡ් මධ්‍යස්‌ථානය වෙත පැමිණි අවස්‌ථාවේ ඇගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර කළ එම හෝටලයේ සේවකයකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මීගමුවේ පදිංචි සජිත ලක්‍ෂාන් ප්‍රනාන්දු (30) නැමැත්තා මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු එම සැකකරු රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

සැරයන් (49241) ජිනදාස මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රිකුරේ මහතා පෙනී සිටියේය.