FAST NEWS

24×7 Around the Globe

පාපන්දු කණ්ඩායම ගුවන් ගත වීමට පෙර ලබා ගත් වීඩියෝවක් හමුවෙයි… (වීඩියෝ)

 

මගීන් 81 දෙනෙකු සමගින් කොලොම්බියාවේ මෙඩ්ලින් ගුවන් තොටුපල බලා පියාසර කරමින් තිබු ඇව්රෝ වර්ගයේ ගුවන් යානයක් ගමනාන්තයට ලඟා වීමට පෙර කඩා වැටිණි.

යානය තුල බ්‍රසීල පාපන්දු කණ්ඩායමක්ද සිටි බව වාර්තා වන අතර පාපන්දු කණ්ඩායම පැමිණෙමින් සිටියේ ලබන 01 වැනිදා කොලොම්බියාවේ පැවැත්වීමට නියමිතව තිබු අවසාන පාපන්දු තරඟයකට සහභාගී වීම සඳහාය.

අලුත්ම වාර්තා සඳහන් කරන්නේ බොලිවියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබු මෙම යානාව අනතුරට පත්වන්නට ඇත්තේ ප්‍රමාණවත් ඉන්ධන නොතිබීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම අනතුරින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වන අතර අනතුරින් සිදු වූ ජිවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නොමැත.

ඔවුන් ගුවන් ගත වීමට පෙර ගුවන් තොටුපොලේදී ලබා ගත් වීඩියෝවක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වීඩියෝව පහතින්..