FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරාජය කරන්නට ස්ට්‍රික් හැදු සැලසුම ගැන සිම්බාබ්වේ නායකයා කියයි..

පසුගියදා ශ්‍රී ලංකාවට ජය හිමීකර දෙමීන් අවසන් වු තුන්කොන් එක්දින තරගාවයේදි අවසන්න මහා තරගයේදී විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සැලසුම් කළ බව සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් තරගය පිළිබඳව අදහස් දක්වමීන් මාධ්‍ය වෙත සඳහන් කළේය.

“අපි ඇත්තටම ලොකු ලකුණු ගාණක්‌ ලකුණු පුවරුවට තල්ලු කරන්න තමයි සැලසුම් කළේ. අපේ පුහුණුකරු හිත් ස්‌ට්‍රික්‌ ඒ බව අපිට දැනුවත් කළා. අපි පොඩි වෙනස්‌කම් කිහිපයක්‌ පමණයි කළේ. නමුත් අපේ තරගාවලියේදී ලොකු දේවල් ටිකක්‌ ඉගෙන ගත්තා. විටෝරි පළමු කඩුලු තුනම දවා ගත්තා. ඔහුට දීප්තිමත් අනාගතයක්‌ තියේවි. අපිට මුලින්ම අවශ්‍ය වෙලා තිබුණා ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා දවා ගන්නා. විටෝරි ඒක කළා.” යෑයි සිම්බාබ්වේ නායකයා පවසයි.

ජයග්‍රහණය පිළිබඳව ලොකු සටනක්‌ දීමට සිදුවූයේ අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගැනීම නිසා බවද ක්‍රීමර් පවසයි,

”ලකුණු 160 ක්‌ ලබා ගැනීමෙන් පසුව අපිට ජයග්‍රහණය සඳහා විශාල සටනක්‌ දෙන්න සිදු වුණා. නමුත් අපි දිවා ආහාරයට තරගය නතර කරන විට අපි කඩුලු තුනක්‌ අරගෙන ගියේ. නමුත් ඒ වෙලාවේ අපිට තව පීඩනය දමා ලකුණු 160 නවතා ගන්න අවශ්‍ය වුණා. ඒත් ඔවුන් ජයග්‍රාහී කඩුල්ල සාර්ථකව පැන ගියේ තවත් කඩුල්ලක්‌ පමණක්‌ දැවී යැමෙන් පසුවයි.” ක්‍රීමර් කීවේය.