ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉඩ දෙමින් ධවල මන්දිරයෙන් ඉවත්ව යන්නට බැරැක් ඔබාමා සහ මිචෙල් ඔබාමා මේ දිනවල ලහි ලහියේ සූදානම් වන බව වාර්තා වේ.
ඒත් ධවල මන්දිරයේ පදිංචි වීමට ට්‍රම්ප් පවුලට එතරම් උනන්දුවක් නැති බව වාර්තා වන අතර දැන ගන්නට ලැබෙන පරිදි ඊට මුල්වී ඇත්තේ ට්‍රම්ප් පවුලේ බාලයා වන බැරන් ට්‍රම්ප්ය.
ට්‍රම්ප්ගේ තුන්වෙනි කසාදයේ දරුවා වන දස හැවිරිදි බැරන් ට්‍රම්ප් ධවල මන්දිරයේ පදිංචි වීමට එතරම් කැමැති නැති වීම මේ වන විට ට්‍රම්ප් පවුලට ගැටලුවක්ව ඇති බව වාර්තා වේ.
මෙසේ වන්නට හේතුව ලෙස දස හැවිරිදි බැරන් ට්‍රම්ප් සිය පියාගෙන් දීර්ඝකාලීන මැතිවරණ ව්‍යාපාරයේ ගොඩක් වෙහෙස වී සිටීම බව සදහන් වන අතර ට්‍රම්ප්ගේ බිරිඳ එනම්, ඇමෙරිකාවේ අභිනව ප්‍රථම කාන්තාව මෙලනියා ට්‍රම්ප් පවසනුයේ තම පුතු වඩාත් විවේකයට ප්‍රිය කරනා බවත් හා හුරු පුරුදු පරිසරයෙන් මිදීම කරදරයක් ලෙස සිතනා බවත්ය.
”ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ඉතා කාර්ය බහුල වෙන බව අපි දන්නවා. ඒක වළකාලන්නට බෑ. ඔහු ලෝකෙ බලවත්ම රටේ නායකයා ලෙස ඊට මුහුණ දිය යුතුයි. ඒත් තවමත් ඉගෙන ගන්නා බැරන්ට තාත්තාගේ කාර්යබහුල බව කරදරයක් විය යුතු නෑ. ඒක නිසා මම බැරන් එක්ක ට්‍රම්ප් ටවර්හි නතර වෙනවා.” යැයි මෙලනියා පවසා ඇති බව වාර්තා වේ.
බැරන්ට ඉතා සමීප මෙලනියා වීම නිසා ඇය පුතා සමග නතරවනවාට ඩොනල්න්ඩ් ට්‍රම්ප් විරුද්ධ නැති බව ප්‍රකාශ කර ඇති නමුත් රටේ පළමු කාන්තාව ලෙස මෙලනියාට විශාල වගකීමක් පැවැරෙන බැවින් එය ඉටු කිරීමට ඇය සූදානම් බව ට්‍රම්ප් ටවර්හි මෙලනියාගේ ප්‍රකාශිකාව පවසා ඇති බවද සදහන් වේ.
”මෙලනියා අවශ්‍යතාව අනුව ධවල මන්දිරයට යනවා. අමුත්තන් පිළිගැනීම්, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු එකක්වත් මගහරින්නේ නැතිව කරන්නට ඇය සූදානම්” යැයි ප්‍රකාශිකාව පවසන ලදි.
”ට්‍රම්ප් ටවර්හි සිට බැරන්ට තමාගේ පුරුදු පාසල වෙත යන්න පුළුවන්. මෙලනියා ඉතා හොඳ බිරිඳක් ඈ සියල්ල බලා ගනියි.” ඇමෙරිකාවේ නව ජනපතිවරයා පවසන ලදි.
නමුත් ‘ට්‍රම්ප් ටවර්’ හා ‘ධවල මන්දිරය’ අතර පදිංචිකරුවන් පවසා ඇත්තේ නිතර නිතර සිදුවන රාජ්‍ය තාන්ත්‍රික ගමන් නිසා තමුන්ටද බලපෑම් ඇති විය හැකි බවයි.
එසේම මහල් 58කින් යුත් ට්‍රම්ප් ටවර් සංකීර්ණය නිව්යෝර්ක් පස්වෙනි පටුමගෙහි පිහිටා තිබෙන අතර එහි ඉහළම මහල් තුන ට්‍රම්ප් පවුලේ පදිංචියට වෙන්වී ඇති අතර අනෙක් කොටස්වල පවුලේ ව්‍යාපාර සහ සමාජ සේවා කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
ට්‍රම්ප්ගේ පෙර විවාහවල දරුවන් මේ ගොඩනැගිල්ලට නිතර යන එන බව වාර්තා වන අතර ඊට හේතුව ට්‍රම්ප්ගේ පවුලේ ව්‍යාපාර සඳහා සියලු දෙනා එක්වී සිටීමයි.
කෙසේ වෙතත් වටිනාකමින් ඩොලර් මිලියන 100 ඉක්මවන ට්‍රම්ප් ටවර්හි පිහිටා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවහන ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම ඇති සුන්දර මෙන්ම දියුණු පහසුකම් සහිත එකක් බවත් ධවල මන්දිරයේ ඇති ගුවන් අංගණය හැර අන් සියලු පහසුකම් එහි ඇති බවත් වාර්තා වේ.










