FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේදී අක්‍රමිකතා ඇත්නම් දැනුම් දිය යුතු අංක මෙන්න…

 

උත්සව සමය නිමිති කරගෙන භාණ්ඩ මිලදී ගැනීමේදී හා සේවා ලබාගැනීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව 011-7755481, 011-7755481 හා 011-7755483 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා ඇතිබව වාර්තා වේ.

පාරිභෝගිකයා රවටමින් කූට ක්‍රම ඔස්සේ භාණ්ඩ හා සේවා අලෙවි කරන්නන් පිළිබඳව සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.

එසේම කූට ක්‍රම ඔස්සේ භාණ්ඩ හා සේවා අලෙවි කරන්නන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ 30 සහ 31 වගන්ති යටතේ නීති මගින් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.